Followers

Sunday, September 1, 2019

රයිගම් කෝරලයේ ගරායකුම

මැටි ගොඩක් වැනි කුඩා කදු ගැටියක් උඩ පිහිටි ගරා වැටුනු ලොකු ගෙයි පිට බිත්තිවල ද පුස් බැදීමෙනුත් දැලි කුණු තැවරීමෙනුත් සෑදුණු ලොකු පැල්ලම් බහුලය.ගගට මුහුණ පා පිහිටි අපේ ගෙයි මිදුල කෙලවර වන්නේ ක්‍රමයෙන් පාත් වී ගෙන ගොස් දියට බැසීමෙනි.නදිය පිසගෙන හමන සුළගින් නිතර තෙතමනය ලබන අපේ මහගෙයි බිත්‍ති,පුස් බැදීමෙන් ගරා වැටෙනු වැළැක්විය හැක්කේ අඩු ගණනේ අවුරුද්දකට වරක් සුනු පිරියම් කරවීමෙනි.

අත ගසන ලද සෑම කටයුත්තක්ම පාහේ අලාභම පමණක් ලැබීමෙන් අම්මාත් අයියාත් මමත් සිටියේ මහත් වූ කලකිරීමෙනි.මෙසේ වන්නට යම් අමනුෂ්‍ය දොසක් බැල්මක් අප පවුලට වැටුනා දැයි අම්මා නිතර දෙවේලේ මතුරන්නට වූයේ මන්ත්‍රයක් ජප කරන්නාක් මෙනි.කෙසේ නමුත් අම්මාගේ අධික පෙරැත්ත මත මා අයියාත් සමග නිවසින් පිටමං වූයේ ගමේ ගුරුන්නාන්සේ ගෙන්වාගෙන ඒමටය.

"හාමිනේ මොකෑ                 තකහනියේම මා කැදවාගෙන එන්නැයි කීවේ???"

"බලන්නකෝ ගුරුන්නාන්සේ අපේ කොලුවයි කෙලියි අත ගහන කිසිම දෙයක් හරියන්නෑ නෙව,පොඩ්ඩක් අපේ ගෙයි වස් දොස් බැලුවනං.."

(ගුරුන්නාන්සේ මද වේලාවක් ගෙයි ඒ මේ අත විපරම් කරමින් වාස්තු දොස් පිරික්සයි)

මද වේලාවකට පසු:-

"හාමිනේ...පෙනුමේ හැටියටනම් අමනුෂ්‍ය දොසක් සැරිසරනවා හැඩයි."

"අනේ දෙවියනේ...???ඉතිං ඉතිං ගුරුන්නාන්සේ අපි දැන් මේකට මොනවැයි කරන්ට ඕනෑ?"

"කතරගම දෙවියන් මුදුන් පමුණුවා ගනිමින් දේව දානයක් සූදානම් කරලා...ගරායකුමක් එහෙම නටවලා ගමු ආයි කිසිම පෙරේත බැල්මක් වැටෙන එකක් නෑ සත්තයි ඕං...."

"එහෙමයි ගුරුන්නාන්සේ මේක අද හෙටම පවත්වනෝනං තමා හොද"

"මං දිනේකුයි වෙලාදකුයි කොලුවා අතේ දන්වලා එවන්නංකෝ...එතකං ඉතිරි වැඩ කොටහ බලාපං"

ගුරුන්නාන්සේගේ අනුදැනුම මත අපේ ගෙට ප්‍රේත බැල්මක් අමනුෂ්‍ය බැල්මක් වැටී ඇති බව දැනගන්නට ලැබුනි.ගෙයි වස්දොස් බලා දින දෙකකට පසු රයිගම් කෝරලයේ ගරායකුමක් පවත්වන්නට සියලුම කටයුතු අම්මාත් අයියාත් මමත් තකහනියේ සූදානම් කරන්නට විය.ගරායකුම පවත්වන්නට පෙරාතු දිනයේ දෙවියන් උදෙසා පහන් පත්තුකර යහන් දැක්ම නටා ගමම ආලෝකමත් කරන්නට අපට හැකිවිය.

කතරගම දෙවියන් උදෙසා දේව දානයක් පුද කරන්නට වූයේ ගුරුන්නාන්සේගේ අනුදැනුම මතය.පිරිමි හත්දෙනෙකු උදෙසා බතක් ද හත් මාලුවක් ද මිරිසට සාදාගත් හාල්මැස්සන් හොද්දක් ද හා පරිප්පු හොද්දක් ද ඇතුළුව පිළිසකර කරගත් ආහාර වේල ලබා දෙන්නට ද එදින අපි කටයුතු කළෙමු.මීට අමතරව කැවිලි පෙවිලිද කෙසෙල් ද ඒ අතර වූයේ දේවදානය උදෙසාමය.

පසුව පත්තිනි දෙවියන් හා මංගල දෙවියන් උදෙසා යාතිකා කර කිරි ඉතිරවීමෙන් අනතුරුව යහන් දැක්මත්,කහදිය කොතලේ නැටීමත්,අගුරු දුම්මල පදය නැටීමත්,පන්දම් නැටීමත්,සලුවෙන් ආවැඩීමත් ගුරුන්නාන්සේ විසින් සිදු කරන්නට විය.ඉන් පසුව ගරායකුගේ වෙස්මුහුණ බැද ගරායකුම නටා අප පවුලේ සියල්ලෝම හට සෙත් පතා වස්දොස් තුරන් කොට පිං බෙර ගසා හක්ගෙඩිය තෙවරක් නාද කොට සෙත ශාන්තිය නිමා කරන්නට විය.

සියල්ලම වෙනස් වන්නට ගතවූයේ නිමේෂයකි.මාගේ උසස් පෙළ ප්‍රතිඵල පසුදින නිකුත් වීමෙන් මගේ ජීවිත කතාවේ එක් කඩ ඉමක් මෙසේ සාර්ථක ලෙස අවසන් වූයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට මා හිමිකම් කීමත් සමගිනි.අයියාට නොලැබී ගිය කොන්ත්‍රාත්තුව යළි ඔහුගේම දෙපාමුල ඇද වැටෙන්නට තරම් අයියාත් භාග්‍යවන්ත විය.සින්න වෙන්නට ගිය අපේ මහගෙයි යළි උකසින් පියවා ගැනීමට හැකිවූයේත් අස්වැන්න සරුවීමෙන් ලද ආදායමෙනි.

කිසියම් අමනුෂ්‍ය දෝෂයකට සිරගත කල අපගේ ජීවිත යළි ගලවා ගත හැකි වූයේ ගුරුන්නාන්සේගේ කීම අසා ගරායකුමක් පැවැත්වූ නිසාවෙන් යැයි විටෙන් විට අම්මාගේ මුවගින් පිටවූයේ අපේ සාර්ථකත්වය ඇය ඉදිරියේම උදාවීමෙනි.

එබැවින් අපි තාක්ෂණයෙන් කොතරම් ඉදිරියට පැමිණියත් අන්ධ පුහු විශ්වාස ආකල්ප අතින් තවමත් පසුවන්නේ ගල් යුගයේම යැයි මොනවට අවබෝධ වන්නේ සාම්ප්‍රදායට ගැති මෙවන් වූ ශාන්තිකර්ම වර්තමාන සමාජයේ තවටත් ක්‍රියාත්මක වීමත් සමගිනි.


G.S.H.Menuka
HS/2016/0707
Traditional communication



Monday, July 22, 2019

විපත

පොඩි කාලේ මන් එද්දී
ලස්සමයි මේ  කැලේ.
නෑ සද්ද තිබුනෙනම්
දැන් වගේ කලබලේ.
ඒක හින්දයි ආවේ
කන්න ලා දලු කොලේ.
යන්න බැරි උනා යලි
ඉන්න යහතින් රැලේ...

බඩ ගින්න උහුලගෙන
කොල අත්ත ගේනකන්.
මගේ අම්මා බලන් ඇති
මන් ඒවී කියා දැන්.
ඇයට මා සොයාගෙන
එන්න බැරි නිසාවෙන්.
අම්මා හඩනවා ඇති
ගලක් යට තනිකමින්.....

වෙඩි වැදුනු කකුල නෑ
තවම සුව අම්මගෙත්
ඇය මැරෙන එකයි දුක
නැති නිසා කන්නවත්.
අද මමත් මැරිලා ගියා
හිතින් වත් නොහිතුවත්.
මහත්තයෝ අදින් පසූ
කෑම නෑ අම්මටත්......


Friday, July 19, 2019

මව්ණි මගේ

අම්මගේ  උණුහුමට
තුරුළු වෙන්නට පුතුට
අවසර ය නැතිවදෝ
පුතු මෙසේ තනි වුණේ

ලේ කිරක සුවඳ ඇත
තවම මේ පුතු ළඟ ම
ඒ කිරට ණය නැතිද
පුතුනි මේ ලෙස වුණේ

ගල් හිතක් උණු වෙයිද
පොඩි හිතක් නුදුරු තැන
ගල් හිතට දැනෙනවද
තනි වුණේ පොඩි පුතුය

ගුලිවෙලා නිදියන්න
තරුලෙහිම සැනසෙන්න
මමත් ආසයි මවුනි
ඔබගෙ උණුසුම ගන්න

විභාගය කළ හරිය

අපොයි අද හරි වැඩේ
රිපෝට් එක ඇවිත් නේ
ඒක අප්පගෙ අතේ
වදී දැන් ගුටි අනේ

ගනන් වලටත් ලකුනු අඩුමැයි
සයන්ස් ලිවුවනෙ හොදට මම ඇයි
සිංහලත් කට පාඩමින් වෙයි
ලකුනු දෙන්නට බැරි වුනේ ඇයි

පංතියෙම හතලිහයි
මගේ තැන අන්තිමයි
තාත්තගෙන් කෝටියයි
සම්බෝල කරයිමයි

කවුද මේ හැමට
හොයා දුන්නෙ විභාගය
සතුටින් ඉන්නට
ඉඩක් දෙන්නෑ ලමා ලෝකෙට
                       

වෙනස


නුඹට සෙනෙහින්

පැබැදු කවි දස දහසක
සෙනෙහස සුවදයි දැනුණේ...
හැම කවි සිතුවිල්ලකම
නොනිමි මිහිරි රුව නුඹ වේ...
කලා සොළොස පිරි සද සේ
හිනැහෙන සද නුඹ ගුවනේ...
වාවා හිදිමිද කෙලෙසේ
හදවත සිතුවම් සැසලේ...

මතකය

දිනිදු නැග එයි
නැවත බැස යයි
වසන්තය නෑ
නිමා වන්නේ...
කෙනෙකු හමුවෙයි
නැවත වෙන්වෙයි
මතක පමණයි
ඉතිරි වන්නේ...