Followers

Friday, June 14, 2019

මාවතේ ඇත්තෝ...

කිරිකෝඩු සිනා රැලි
නැහැ මුවේ දැක ගන්න
ලපටි කෝමල වදන්
නැහැ දෙතොල් සරසන්න
මගේ සුදු පුතු කියා
නැහැ මව්න් සිප ගන්න
හිමයි මට මහපාර
මගෙ දිවිය රැක ගන්න..

කවුරුත් ම නැහැ මගේ
දුක සතුට විමසන්න
නුඹ තමයි  ඉන්නෙ මට
මගෙ ලගින් සැතපෙන්න
කවුරුත් ම නැහැ ඉතිං
අපිව අරගෙන යන්න
අපි මෙහෙම ඉදිමු බං
වෙන මොනව කරන්නද..

මගෙ දුකට ලග ඉන්න
නුඹත් අම්මෙක් නේද
නුඹ නුඹේ පැටව්ටත්
ආදරෙයි පණසේම
මමත් ලොකු මිනිසෙක්ව
වැඩුණු දවසට ඔන්න
මං එක්ක එනවාද
මම හදන ගෙට යන්න..



3 comments: